Search

මෙල්බන් කාන්තාවන්ට ලේබර් රජයෙන් සනීපාරක්ෂක තුවා

මෙල්බන් නගරය පුරා පෑඩ් සහ ටැම්පොන් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් කම්කරු රජය විසින් සිදුකර තිබෙනවා.

ඒ වෙනුවෙන් පෑඩ් සහ ටැම්පොන් නොමිලේ පැකට් 20,000 කට අධික ප්‍රමාණයක් බෙදාදුන් බවයි  කාන්තා කටයුතු අමාත්‍ය Natalie Hutchins අද නිවේදනයේ කළේ.

විකටෝරියානුවන්ට මෙමගින් ඩොලර් දහස් ගණනක් ඉතිරි කිරීමට හැකි වනු ඇති.  

මෙම වැඩසටහන යටතේ මෙල්බන් හි Vending machines ස්ථාන 30 ක් පුරා ස්ථාපිත කරන බවද අමාත්‍යවරිය කියාසිටියා.

ඒ අනුව වික්ටෝරියා කලාපය පුරා Vending machines 700 ක් පමණ පුළුල් කිරීමට නියමිතයි.

ලේබර් රජයෙන් සිදුකරන නොමිලේ පෑඩ් සහ tampons බෙදාදීමේ වැඩසටහන රජයේ පාසල් තුළට ද ගෙන ඒමට නියමිත බවයි කාන්තා කටයුතු අමාත්‍යවරිය වැඩිදුරටත් කියාසිටියේ.