Search

මීයෙකුගෙන් නව ලෝක වාර්තාවක් – ගිනස් පොතටත් යයි

අප්‍රිකානු මීයෙකු නව ලෝක වාර්තාවක් තැබීමට සමත්ව තිබෙනවා.

රොනින් ලෙස හැඳින්වෙන මෙම මීයා, මීයන්ගෙන් වැඩිම බිම් බෝම්බ සොයාගැනීමට හැකිවූ සත්වයා ලෙස නව වාර්තාවක් තබමින්.

සැඟවුණු පුපුරන ද්‍රව්‍යවලින් අහිංසක මිනිසුන් බේරාගැනීමට මීයන් යොදාගන්නා බවටයි වාර්තා වන්නේ.

2021 අගෝස්තු සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ රොනින් විසින් කාම්බෝජයේ Siem Reap නගරයට ආසන්න කලාපයක බිම් බෝම්බ 109 ක් සහ පුපුරා නොගිය බෝම්බ 15 ක් සොයාගෙන තිබෙනවා.

එය මේ වනවිට ගිනස් ලෝක වාර්තාවල ද දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 රෝනින්ගේ ජයග්‍රහණය මීයන්ගේ ඇදහිය නොහැකි හැකියාවක් පිළිබඳ සාක්ෂියක් බවයි ඔහුගේ ප්‍රධාන හසුරුවන්නා මාධ්‍යයට පවසා ඇත්තේ.