
ඔස්ට්‍රේලියාව පුරා ලබන සතියේ උෂ්ණත්වය තරමක් ඉහළ අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා කාර්යංශය පවසනවා.
ඇඩිලේඩ් සිට සිඩ්නි දක්වා, කැන්බරා, මෙල්බන් සහ හොබාර්ට් දක්වා ගිනිකොණ දෙසටත් ඒ අතර ඇති සියලුම ප්‍රදේශවලටත් දැඩි උෂ්ණත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.
ඇඩිලේඩ් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ක් අගයක් වනු ඇති බව කාලගුණ විද්‍යාඥයින් පෙන්වාදෙනවා.

වසරේ මෙම කාලය තුළ ඇඩිලේඩ් සඳහා සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 22 ක් වනවා.
මෙල්බන් හි උෂ්ණත්වය ද පසුගිය වසරේ මෙම කාලයේදී සෙල්සියස් අංශක 20 ක් පමණ වුවත් ඉදිරි සතියේ එය සෙල්සියස් අංශක 30 ක අගයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.

සිඩ්නි හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 23 ක සාමාන්‍ය අගයට වඩා සුළු ප්‍රමාණයක් වැඩි වනු ඇති.