
පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක තිබී කුඩා දරුවන්ගේ ලිංගික ඡායා රූප සහ වීඩියෝ දර්ශන 130 කට අධික සංඛ්‍යාවක් ෆෙඩරල් පොලීසිය සොයාගෙන තිබෙනවා.
57 හැවිරිදි මෙම පුද්ගලයාට ළමා අපයෝජන චෝදනාව මත වසරක සිර දඩුවමක් නියම කර ඇති බවයි ෆෙඩරල් පොලීසිය කියාසිටියේ.
බටහිර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන ඔහු පර්ති හි සිය නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක ළමුන් ලිංගික ක්‍රියාවල යෙදෙන ආකාරය දැක්වෙන ප්‍රබන්ධ කතාවක් ද එම පුද්ගලයාගේ ජංගම දුරකථනයේ තිබී හමුව තිබෙනවා.

එක්සත් ජනපදයේ අතුරුදන් වූ සහ සූරාකෑමට ලක්වූ දරුවන් පිළිබඳ ජාතික මධ්‍යස්ථානය වෙත ලද තොරතුරකට අනුවයි මෙම පුද්ගලයා පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.
ළමා අපයෝජන ද්‍රව්‍ය වෙත ප්‍රවේශවීම, ඒවා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහු වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම සෑම ඡායාරූපයක් සහ වීඩියෝවක් පිටුපස සිටින දරුවා ඔහුගේ ජීවිත කාලය පුරාම කම්පනයකට භාජනය වන බවයි AFP පරීක්ෂක Shona Davis අවධාරණය කරන්නේ.
