
ලෝකයේ ආයු අපේක්ෂාව සහ මරණයට හේතු පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
ඉදිරියේදී COVID-19 ලොව පුරා මරණවලට ප්‍රධානතම හේතුවක් වනු ඇති බවයි වාර්තා පළවන්නේ.
ලොව පුරා මරණවලට ප්‍රධාන හේතූන් ලෙස සැලකෙන්නේ coronary heart disease, stroke සහ dementia රෝගයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ මරණවලට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ Coronary Heart Disease රෝගයයි.
ඔස්ට්‍රේලයාවේ එම රෝගයෙන් 21,548 ක් මේ වනවිට මියගොස් තිබෙනවා.

දෙවැන්නට ඔස්ට්‍රේලියාවේ මරණවලට වැඩිම හේතුවක් වී ඇත්තේ Dementia රෝගය වන අතර ඉන් මරණ 15,588 ක් වාර්තා වනවා.
Stroke නැත්නම් ආඝාතවලින් මියගිය මරණ සංඛ්‍යාව වන්නේ 10,331 ක් බව WORLD LIFE EXPECTANCY වාර්තා කරනවා. මේ අතර ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධාන හේතුව වන්නේද Coronary Heart Disease රෝගය වන අතර දෙවැන්නට වැඩිම මරණ වාර්තා වන්නේ Diabetes Mellitus රෝගයෙන්.