
ශ්‍රී ලංකාවට 2025 පළමු කාර්තුවේදී ලැබී ඇති සමස්ත විදේශගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඉතිහාසගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
එය ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය වනවා.
මේ අනුව 2025 පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 1,814.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මෙය 2024 පළමු මාස 03හි ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,536.1ක ප්‍රේෂණ වටිනාකම හා සැසඳීමේ දී 18.1%ක වර්ධනයක් වනවා.
2020 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව ලද ඩොලර් මිලියන 812.7ක ප්‍රේෂණ ප්‍රමාණය හැරුණු විට මෙය මෙතෙක් ඉතිහාසයේ, විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති වැඩිම වටිනාකමකින් යුතු ප්‍රේෂණ ප්‍රමාණය බවයි මහ බැංකු වාර්තා පෙන්වාදෙන්නේ.
