
වික්ටෝරියා ප්‍රාන්තයේ යතුරු පැදියක ගවයෙකු ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මොහු Benalla හි Mokoan මාර්ගයේදීයි අද උදෑසන අනතුරට ලක්ව ඇත්තේ.
පුද්ගලයා පිළිබඳ නිළ වශයෙන් හඳුනාගෙන නොමැති අතර ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

වික්ටෝරියා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටිනවා.
මේ වසරේ වික්ටෝරියානු මාර්ග අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 82 ක් බවයි වාර්තා වන්නේ.
