
මෙල්බන් සූර්ය උදානය 2025 AusLanka TV කුමරිය දැන් කිරූළු පැළඳුවා.
වටිනා ත්‍යාග සමගින් හසන්‍යා උවිඳුනී 2025 AusLanka TV කුමරිය ලෙස කිරුළ හිමිකර ගත්තා.
AusLanka TV කුමරිය 2 ස්ථානය හිමිකර ගත්තේ සෙනඳි අබේවික්‍රමයි.

යොෂිමි තාරිකා AusLanka TV කුමරිය තුන් වන ස්ථානයට කිරුළු පැළදුවා.
මෙල්බන් සූර්ය උදානය 2025 ජනප්‍රිය ම කිරුළ දිනාගත්තේ රෂ්මි කුමාරසිංහයි.

සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවලට මුල් තැන දෙමින් මෙල්බන් සූර්ය උදානය 2025 විචිත්‍රාංග රැසකින් අද වර්ණවත් වුණා.
ඕස්ට්‍රේලියාවේ උතුරු වික්ටෝරියානු ශ්‍රී ලාංකික සුබසාධක හා සංස්කෘතික සංගමය විසින් මෙල්බන් සූර්ය උදානය අලුත් අවුරුදු උළෙල සමගින් Street Food Carnival මෙවර සංවිධාන කර තිබුණේ.
ඒ සඳහා මෙවරත් සාඩම්බරයෙන් මාධ්‍ය අනුග්‍රහය සැපයීමට අත්වැල් බැඳගෙන ගත්තේ ඔස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV, Ausලංකා Radio ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලයයි.
ජනප්‍රිය තරුණ ගායක ගයාන් ගුණවර්ධන සමගින් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන “Mystery“ සංගීතය අද මෙල්බන් සූර්ය උදානය 2025 හැඩගන්වනු ඇති.