
ජාතියම කම්පා කළ කාර්ය බහුල සිඩ්නි වෙළඳ මධ්‍යස්ථානයක සිදුවූ ඛේදවාචකයට අදට වසරක් පිරී තිබෙනවා.
2024 අප්‍රේල් 13 වන දින Joel Cauchi සිදුකළ කළහකාරී පිහි ඇනුමකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලැබුවා.
නිවේදනයක් නිකුත් කරමින්, නිව් සවුත්වේල්ස් පොලිස් කොමසාරිස් Karen Webb කියාසිටියේ ඛේදජනක ලෙස මිය ගිය “වීරයන්ට” උපහාර දක්වන බවයි.

දශකයකට ආසන්න කාලයක් තුළ ඕස්ට්‍රේලියාවේ සිදු වූ දරුණුතම සමූහ ඝාතනයද මෙය වනවා.
40 හැවිරිදි Joel Cauchi, මිනිත්තු කිහිපයකට පසු ෆෙඩරල් පොලිස් පරීක්ෂක ඒමි ස්කොට් විසින් වෙඩි තබා ඝාතනය කෙරුණා.

සාප්පු මධ්‍යස්ථානයේ හිමිකරුවන් මධ්‍යස්ථානය තුළ මල් කළඹවල් තබා මියගිය අය සිහිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.