ෆයිසර් එන්නත ගැනීමට අවශ්‍ය සිඩ්නි නගරවාසීන් ලක්ෂ 10 කට අද සිට ලියාපදිංචි වීමට අවස්ථාව – AusLanka TV – Australian News for the Sri Lankan community

ෆයිසර් එන්නත ගැනීමට අවශ්‍ය සිඩ්නි නගරවාසීන් ලක්ෂ 10 කට අද සිට ලියාපදිංචි වීමට අවස්ථාව

ෆයිසර් එන්නත ගැනීමට අවශ්‍ය සිඩ්නි නගරවාසීන් ලක්ෂ 10 කට අද සිට ලියාපදිංචි වීමට අවස්ථාව

ෆයිසර් එන්නත ලබාගැනීම සඳහා අවශ්‍ය සිඩ්නි නගරවාසීන් ලක්ෂ 10 කට අද සිට ලියාපදිංචි විය හැකි වනවා.

Sydney Olympic Park හි මේ වනවිට මහා පරිමාණ එන්නත්කරණ මධ්‍යස්ථානයක්ද විවෘත කර තිබෙනවා.

පළමු සතිය තුළ සෞඛ්‍ය සේවකයන් – හදිසි සේවා සේවකයන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සේවක සේවිකාවන් සඳහායි එන්නත දීමට නියමිතව ඇත්තේ.

https://www.nsw.gov.au/යන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත වෙබ් අඩවිය හරහා අද පස්වරු 05 සිට ලියාපදිංචි විය හැකි අතර අනතුරුව නියමිත වේලාව දැනුම්දීම සඳහා දුරකථන ඇමතුමක් ලබාදෙනු ඇති.

සතියකට 30,000 ක් පමණ එන්නත්කරණයට ලක් කිරීමයි අපේක්ෂාව වී ඇත්තේ.

මැයි 24 වනදා සිට වයස අවුරුදු 50 ට වැඩි අය සඳහාද ෆයිසර් එන්නත ලබාදීමටයි නියමිතයි.

COMMENTS