Search

IVF ඩිම්බ/ශුක්‍රාණු පරිත්‍යාගශීලීන්ට දරුවා ගැන නීතිමය අවසර නැහැ

IVF තැන්පත් කිරීමකින් වැරදි පවුලක උපත ලැබූ දරුවකුගේ ජීව විද්‍යාත්මක දෙමාපියන්ට ක්වින්ස්ලන්ඩ් නීතිය යටතේ නීතිමය අයිතිවාසිකම් ලබාගත නොහැකි බව තහවුරු වී  තිබෙනවා.

මොනෑෂ් IVF හි සායනයේදී කාන්තාවක් නොදැනුවත්වම තවත් යුවළකගේ දරුවෙකු බිහි කිරීමේ පුවතක් පසුගියදා වාර්තා වුණා.

පෙබරවාරි මාසයේදී උපත ලැබූ ළමයෙකුගේ දෙමාපියන් ඔවුන්ගේ ඉතිරි ශීත කළ කළල වෙනත් සැපයුම්කරුවෙකුට ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ අනුව අදාල කාන්තාවගේ කළලය වැරදීමකින් දියවී ගිය නිසා ඉතිරිව තිබූ ශීත කළ කළල තැන්පත් කිරීමෙන් ජීව විද්‍යාත්මකව ඔවුන්ගේ නොවන දරුවෙකු උපත ලබාදීමටයි මෙම කාන්තාවට සිදුව ඇත්තේ.

නීති විශාරදයින් ප්‍රකාශකළේ උපත ලබාදුන් දෙමාපියන් දරුවාගේ නීත්‍යානුකූල දෙමාපියන් ලෙස නීතිය පිළිගන්නා බවයි.

IVF ක්‍රියාවලියේදී ඩිම්බ හෝ ශුක්‍රාණු පරිත්‍යාගශීලීන් සමග ඇති විය හැකි නීතිමය ගැටළුවලින් දෙමාපියන් ආරක්ෂා කිරීමට අදාල නීතියක් පවතින බවයි ඔවුන් කියාසිටින්නේ.

පසුගිය වසරේ සිටයි මෙම නීතිය හඳුන්වා දී ඇත්තේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »