Search

සෑම පළමු නිවාස ගැණුම්කරුවෙකුටම ඇල්බනීස්ගෙන් 5% ක තැන්පතුවක්

ෆෙඩරල් රජය ඔස්ට්‍රේලියාවේ සෑම පළමු නිවාස ගැණුම්කරුවෙකුටම 5% ක තැන්පතුවක් සහිත නිවසක් මිලදී ගැනීමේ අවස්ථාව ලබාදෙන බවට පොරොන්දු වනවා.

නිවාස අර්බුදයට මුහුණදීමේ සැලැස්මක් තුළ පළමු වරට මිලට ගැනීම් සිදුකරන ගැණුම්කරුවන් සඳහා Lenders Mortgage Insurance කපා හැරීමට ද ඇන්තනී ඇල්බනීස් ප්‍රතිඥා දුන්නා.

සිඩ්නි සහ මෙල්බන් නගරවල ඉහළ මිලක් සහිත නිවාස මිලදී ගැනීමේදී දේපළ සඳහා මිල සීමාව ඉහළ නංවන අතර ආදායම් පරීක්ෂණ ද අවලංගු කරන බවයි ඇල්බනීස් කියාසිටින්නේ.

ඒ අනුව සිඩ්නි හි දේපළ මිල සීමාව ඩොලර් 900,000 සිට ඩොලර් මිලියන 1.5 දක්වා ඉහළ නංවනු ඇති.

මෙල්බන් හි සීමාව ඩොලර් 800,000 සිට ඩොලර් 950,000 දක්වා වෙනස් කිරීමටයි ලේබර් රජයේ සැලසුම වී ඇත්තේ.

නැවත තේරීපත් වුවහොත් Sydneysider වරයෙකුට ඩොලර් 50,000 ක තැන්පතුවක් සහිත ඩොලර් මිලියනයක මහල් නිවාසයක් මිලදී ගැනීමට ඉඩ සලසන බවයි ඇල්බනීස් ප්‍රකාශ කළේ.

ක්වින්ස්ලන් නගරයෙන් ඩොලර් 42,000 කින් ඩොලර් 850,000 ක දේපලක් මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බව ඔස්ට්‍රේලියා අගමැතිවරයා සඳහන් කරනවා.

ඔස්ට්‍රේලියානුවන් ඉතිරි කිරීම් දිරිමත් කිරීම රජයේ අපේක්ෂාව බවයි අගමැති ඇල්බනීස් අවධාරණය කරන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »