
අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන මෙල්බන් සූර්ය උදානය 2025 ට මේ වනවිට විශාල ජනකායක් පැමිණෙමින් පවතිනවා.
සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවලට මුල් තැන දෙමින් පැවැත්වෙන මෙල්බන් සූර්ය උදානය 2025 විචිත්‍රාංග රැසකින් වර්ණවත් වනවා.
මේ වනවිටත් ජන ක්‍රීඩා කිහිපයක් ආරම්භ කර ඇති බවයි සංවිධායක මණ්ඩලය පවසන්නේ.

ඕස්ට්‍රේලියාවේ උතුරු වික්ටෝරියානු ශ්‍රී ලාංකික සුබසාධක හා සංස්කෘතික සංගමය විසින් මෙල්බන් සූර්ය උදානය අලුත් අවුරුදු උළෙල සමගින් Street Food Carnival මෙවර සංවිධාන කර ඇත්තේ 11 වන වරටයි.
අද රාත්‍රිය තෙක් මෙල්බන් හි ක්‍රෙයිජිබන් හි ANZAC Park හිදී පැවැත්වෙන විශාලතම අවුරුදු උළෙල හා Street Food Carnival සමගින් “ සූර්ය උදානය 2025” පැවැත්වෙනු ඇති.

ඒ සඳහා මෙවරත් සාඩම්බරයෙන් මාධ්‍ය අනුග්‍රහය සැපයීමට අත්වැල් බැඳගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV, Ausලංකා Radio ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලයයි.
ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන “Mystery“ සංගීතයෙන් හැඩවන මෙවර අවුරුදු උළෙලට මෙල්බන් අවට සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සහභාගී වන ලෙසයි සංවිධායක මණ්ඩලය ආරාධනා කරන්නේ.