Search

පීටර් ඩටන්ගෙන් බදු කප්පාදු සැලැස්මක්

2025 ෆෙඩරල් මැතිවරණ ව්‍යාපාරයේ ජීවන වියදම් ක්‍රියාමාර්ගය දෙපාර්ශවයේ ම මැතිවරණ වේදිකාවල උණුසුම් කතා බහක් වී තිබෙනවා.

විපක්ෂ නායක පීටර් ඩටන් අද ප්‍රතිඥාදුන්නේ ලබන මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානුවන් මිලියන 10 කට ඩොලර් 1200 ක බදු කප්පාදුවක් ලබාදෙන බව පවසමින්.

ඩටන් පැවසුවේ ඔස්ට්‍රේලියානුවන් බදු වාර්තා ඉදිරිපත් කරන විට ඩොලර් 144,000 ක් දක්වා උපයන්නන්ට එකවරම බදු කප්පාදුවක් ලබාදෙන බවයි.

සමස්ත කම්කරුවන්ගෙන් සියයට 85 ක් පමණ මෙම තාවකාලික බදු සහනය සඳහා සුදුසුකම් ලබනවා.

මේ නව බදු කප්පාදු සැලැස්ම වෙනුවෙන් රජයට ඩොලර් බිලියන 10 ක් වැය වනු ඇති.

දැඩි ආර්ථික වාතාවරණයකට එරෙහිව අරගල කරන පවුල් සඳහා එක්වරම බදු සහන ලබාදෙන ප්‍රතිපත්තිය වැදගත් වනු ඇති බවයි ඩටන් කියාසිටියේ.

සිය හවුල් ආණ්ඩුව යටතේ ලීටරයකට ශත 25 කින් ඉන්ධන කපා පවුල්වලට බෙදා දෙනු ඇති.

ෆෙඩරල් රජයේ අයවැයෙන් ලබාදුන් බදු කප්පාදුව ඉලක්ක කර ගනිමින් පීටන් ඩටන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කර ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »