
දෙමාපියන් ඝාතනය කළ සහෝදරයන් දෙදෙනාගේ නඩුව නැවත සලකා බැලීමට ලොස්ඇන්ජලීස් අධිකරණයකින් තීන්දුකර තිබෙනවා.
Erik සහ Lyle Menendez’s 1989 වසරේදී බෙවර්ලි හිල්ස් නිවසේදී ඔවුන්ගේ දෙමාපියන් වන Jose and Kitty ඝාතනයට වරදකරුවන් වූවා.
එවකට ඔවුන්ගේ වයස අවුරුදු 18 ක් සහ 21 ක් වන අතර සහෝදරයන් දෙදෙනාට පැරොල් ලබාගැනීමේ හැකියාවක් නොමැතිව ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වුණා.

විත්තියේ නීතීඥයින් තර්ක කරනු ලැබුයේ මොවුන් සිය පියා විසින් වසර ගණනාවක් ලිංගික අපයෝජනය කිරීමෙන් පසු ආත්මාරක්ෂාව සඳහා ඝාතනය සිදුකළ බවයි.
කෙසේවෙතත් නීතිඥයින් පැවසුවේ සහෝදරයන් ඩොලර් මිලියන ගණනක උරුමයක් සඳහා තම දෙමව්පියන් මරා දැමූ බවයි.

මෙම නඩුව දශක ගණනාවක සිට ජනතාවගේ අවධානය දිනා සිටි අතර නෙට්ෆිලික්ස් නාට්‍යය වන The Lyle and Erik Menendez Story සහ The Menendez Brothers released in the fall of 2024 වාර්තා චිත්‍රපටයේ මගින් නඩුවට වැඩි අවධානයක් යොමු වුණා.
ඒ හේතුවෙන් මෙම චූදිතයින්ගේ ආධාරකරුවන් පසුගිය මාස කිහිපය තුළ රට පුරා රැළි පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.