
කොක්ටේල් හෝ වයින් වීදුරුවක් කලාතුරකින් හෝ පානය කරන්නේ නම් එය සෞඛ්‍යයට හානිකර විය හැකි බව වාර්තාවකින් හෙළිව තිබෙනවා.
එමගින් පිළිකා ඇතුළු බහු විධ රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන බවයි එක්සත් ජනපද 2025 වාර්තාවකින් ඇස්තමේන්තු කර ඇත්තේ.
එම වාර්තාවේ දැක්වෙන්නේ මත්පැන් යනු එක්සත් ජනපදයේ පිළිකා සඳහා තුන්වන ප්‍රමුඛතම හේතුවක් වන අතර වාර්ෂිකව රෝගීන් ලක්ෂයක් පමණ සහ මරණ 20,000 ක් පමණ වාර්තා වන බවයි.

ඇල්කොහොල් මගින් මුඛය, උගුර, ආහාර මාර්ගය, අක්මාව, පියයුරු ඇතුළු ශරීරයේ බොහෝ අවයවයන්හි පිළිකාවලට හේතුවක් වන බව අධ්‍යයනවලින් අනාවරණය වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය මත්පැන් අංක එකේ කාණ්ඩයේ පිළිකා කාරකයක් ලෙසයි වර්ගීකරණය කර ඇත්තේ.

CDC සහ NIH සෞඛ්‍ය ආයතන අවධාරණය කරන්නේ මත්පැන් පිළිකා වර්ග කිහිපයක් ඇති කරන බවට ප්‍රමාණවත් තීරණාත්මක සාක්ෂි පවතින බවයි.