Search

වික්ටෝරියා ප්‍රදේශයකින් ඉවත්වන්නැයි අනතුරු ඇඟවීම්

වික්ටෝරියා හි මධ්‍යම බටහිර ප්‍රදේශවල වැසියන්ට ප්‍රදේශයෙන් ඉවත් වීමට සූදානමින් සිටින්නැයි ගිනි නිවීමේ කාර්ය මණ්ඩලය දැනුම් දෙනවා.

Daylesford සිට කිලෝමීටර් 4 ක් පමණ නිරත දෙසින් පිහිටි Hepburn උද්‍යානයේ Old Tom ධාවන පථයේ පසුගිය බ්‍රහස්පතින්දායි ගින්න හට ගැනුනේ.

එය කවුරුන් හෝ හිතාමතා සිදුකළ එකක් වුවද ගින්න මේ වනවිට ලැව් ගින්නක් ලෙස වර්ධනය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඊයේ පස්වරුව වනවිට Sailors Hill, Sailors Falls සහ Musk Vale වෙතද ලැව් ගිනි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා.

ගින්නෙන් මේ වනවිට හෙක්ටයාර් 30 ක පමණ ප්‍රදේශයක් විනාශ වී ඇති අතර එය පාලනය කර ගත නොහැකි බව බලධාරීන් පවසනවා.

ගිනි නිවන ගුවන් යානා සහ කාර්ය මණ්ඩලය ඇතුළුව සියයකට අධික පිරිසක් මේ වනවිට යොදවා ඇති බව ද සඳහන්.

ලැව් ගින්න Black Jack ධාවන පථයේ සිට ගිනිකොණ දෙසින්  Sailors Hill දෙසට ගමන් කරමින් පවතින බව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »