Search

පීටර් ඩටන්ට එරෙහි ත්‍රස්ත කුමන්ත්‍රණයක්

ඔස්ට්‍රේලියා විපක්ෂ නායක පීටර් ඩටන් ත්‍රස්ත කුමන්ත්‍රණයකට ඉලක්කයක් වී ඇතැයි පුවත් වාර්තා පළවනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සිය ප්‍රතිවාදියාට සහය දැක්වීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිස්බන් හි ප්‍රහාරයකට සූදානම්වීම සඳහා බෝම්බ නිපදවීමට 16 හැවිරිදි පිරිමි ළමයෙකු අමුද්‍රව්‍ය මිලදී ගත් බව ඔස්ට්‍රේලියා පුවත් වාර්තාවක දැක්වුණා.

ඔහුගේ අපේක්ෂිත ඉලක්කය ඩටන් බවයි ඔස්ට්‍රේලියානු පුවත්පත වාර්තා කරන්නේ.

අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පීටර් ඩටන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියාසිටියේ තම පළමු ඉලක්කය සෑම විටම තම පවුලේ ආරක්ෂාව බවයි.

තමා වෙනුවෙන් ඔස්ට්‍රේලියා පොලීසිය විශාල කාර්යභාරයක් ඉටුකරන බවද ඔහු පැවසුවා.

2014 සිට 2017 දක්වා කාලයේ සංක්‍රමණික අමාත්‍යවරයා ලෙස ඩටන් කටයුතු කර තිබුණා.

එම කාලයේ අපරාධකරුවන් දහස් ගණනක් පිටුවහල් කිරීමට විපක්ෂ නායක පීටර් ඩටන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »