
පර්ත් හි උතුරු ප්‍රදේශයක නිවසක මව්වරුන් දෙදෙනෙක් සිදුකළ ගැටුමක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සිය පාසල් සිසුන් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.
සී.සී.ටී.වී. දර්ශනවල දැක්වෙන්නේ එක් කාන්තාවකගේ ඇස් කණ්ණාඩිය විසිවී යන ආකාරයත් එකිනෙකා කොණ්ඩයෙන් ඇද හැසිරෙන ආකාරයයි.
පසුව පාසලේ සිසුවෙකු මැදිහත්ව ගැටුම මැඩපවත්වා තිබෙනවා.

මීට සතියකට පෙර 14 හැවිරිදි දරුවෙකුට සාප්පු මධ්‍යස්ථානයකදී ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු හකු කැඩී රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා.
තවත් ශිෂ්‍යයෙකුගේ ඉදිරිපෙළ දත් දෙකක් ගැටුමකදී අහිමි වුණා.

මේ අතර අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසුවේ කාර්ය මණ්ඩලය විසින් නුසුදුසු හැසිරීම් පිළිබඳ ඕනෑම චෝදනාවක් ඉතා බැරෑරුම් ලෙස සලකන බවයි.