
පාකින්සන් රෝගයේ සුවකිරීම පිළිබඳ ඔස්ට්‍රේලියා වෛද්‍යවරුන් පිරිසක් අත්හදා බැලීම් සිදුකරමින් පවතිනවා.
දැනට අනුමත ඖෂධ තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි පරික්ෂා කරමින් සිටින බවයි එම වෛද්‍යවරුන් පවසන්නේ.
වර්තමානයේ පාකින්සන් රෝගය වෙනුවෙන් භාවිත කරන dopamine ඖෂධය මගින් රෝග ලක්ෂණ ලිහිල් කිරීමට උපකාරීවුවද රෝගයේ ප්‍රගතිය නතර නොකරන බවයි වෛද්‍ය Derrick Beech කියාසිටින්නේ.

මෙම නව අත්හදා බැලීමේ අරමුණ එය වෙනස් කිරීම බවයි ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.
මේ අතර Macquarie විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Simon Lewis කියාසිටියේ ඖෂධ වර්ග කිහිපයක් පරීක්ෂා කිරීමට ලක්කර ඇති බවයි.

එමෙන්ම මේ වසර අවසානයේදී එහි ප්‍රතිඵල ඉදිරිපත් කරන බවද මහාචාර්ය වරයා වැඩිදුරටත් සඳහන් කළා.