Search

ඔස්ට්‍රේලියාවේ අලුත් උපන් දරුවන්ට නමක් තියමුද?

ඔස්ට්‍රේලියාවේ අලුත උපන් දරුවන්ට වඩාත් ජනප්‍රියතාවයෙන් යුත් නාමයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

McCrindle පර්යේෂණ සමාගමක් විසිනුයි 2024 වසරේ ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන් හි ඉහළම නම් විශ්ලේෂණය කිරීමෙන් පසු පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් සඳහා හොඳම ළදරු නම් 10 නම් කෙරුණා.

Oliver පිරිමි ළමයින් සඳහා වඩාත් ජනප්‍රිය නාමය ලෙස ඉහළම ස්ථානයේ රැඳී සිටින අතර Charlotte ගැහැණු ළමයින් අතර වඩාත් ජනප්‍රිය නාමය වනවා.

Oliver සහ Charlotte යන නම් 2010 සිට 2024 දී උපත ලැබූ ඇල්ෆා පරම්පරාවේ ඉහළම නම් ලෙස සනිටුහන් කරනවා.

McCrindle ට අනුව ජෙනරල් ඇල්ෆා Oliver යන නාමය 30,818 කට යොදා ඇති අතර Charlotte ලෙස 24,256 ක් භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.

2024 වසරේදී Lily සහ Ava  නාමයන් දෙකම වඩාත් ජනප්‍රිය ගැහැණු නාම ලැයිස්තුවෙන් මේ වනවිට ඉවත්ව ඒ වෙනුවට Sophie සහ Grace පැමිණ තිබීම විශේෂත්වයක්.

මේ වසරේ පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියානුවන් 1517 දෙනෙකුගේ සමීක්ෂණයට අනුව වර්තමාන සහ අපේක්ෂිත දෙමාපියන් දරුවාගේ නම් තේරීම් සඳහා වැඩි අවධානයක් යොමුකරනු ඇති බවයි වාර්තා වන්නේ.

2025 වසරේ උපත ලැබූ දරුවන් බීටා පරම්පාරවට අයත් වන අතර ගැහැණු ළමුන් සඳහා Millie, Maeve, Remi සහ Margot ද පිරිමි ළමුන් සඳහා Ezra, Beau, Theo සහ Roman ජනප්‍රියත්වය උසුලනු ලබනවා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »