Search

මෙල්බන් කාන්තාවකට පොලිසියෙන් වෙඩි

මෙල්බන් හි පොලිස් වෙඩි පහරට ලක්වූ කාන්තාව හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය අප්‍රේල් 4 වන දින මුල්ග්‍රේව් හි පොලිස් පාරේ මෙම කාන්තාව සිදුකළ සොරකමක් නැවැත්වීමට පොලීසිය වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ වනවිට රෝහල් ගතව සිටින 28 හැවිරිදි මෙම කාන්තාව සතුව තිබී තුවක්කුවක් ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඇය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පැය 12 ක් පමණ පැවති බවයි මෙල්බන් පොලිසිය කියාසිටින්නේ.

මෝටර් රථ සොරකම, සන්නද්ධව මංකොල්ලකෑමට තැත් කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් හේතුවෙන් ඇයට එරෙහිව නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.

ඇය හෙට මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »