Search

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සාමාන්‍ය ඇඳුමින්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සාම්ප්‍රදායික පාප් ඇඳුමින් තොරව සාමාන්‍ය ඇඳුමකින් සැරසී ශාන්ත පීතර බැසිලිකාවට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ද්විත්ව නියුමෝනියා රෝගයට ගොදුරුවී විවේකීව හිඳින පාප්වහන්සේගේ මෙම පැමිණිම බොහෝ දෙනෙකුට විමතිය දනවන කාරණාවක් වී ඇති වී බවයි.

මාසයකට අධික කාලයක් රෝහල්ගතවීමෙන් පසු ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ පසුගියදා රෝහලෙන් පිටව ගියා.

ඒ අනුව පාප් වහන්සේට ඖෂධ චිකිත්සාව සමග මාස 2 ක පමණ විවේක කාලයක් නියම කළ බවයි රෝහල් ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ.

මේ අතර ෆ්රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාව සඳහා ඉදිරි වසර තුනක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට පසුගියදා අනුමතය ලබාදී තිබෙනවා.

රෝහලේ දිගු කාලයක් රැඳී සිටිය ද ඉදිරියේදීත් තනතුරේ රැඳී සිටීමට අදහස් කරන බවට එය ප්‍රබල සංඥාවක් බවයි මාධ්‍ය වාර්තා කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »