Search

සංක්‍රමණිකයින්ට වලංගු වීසා තිබියදීත් රටින් නෙරපන ට්‍රම්ප් නීතිය!

ජොනැතන් නැමති ඔස්ට්‍රේලියානු ජාතිකයා ඔස්ට්‍රේලියාවේ තම සහෝදරියගේ අනුස්මරණ උත්සවයට සහභාගී වී නැවත ඇමරිකා එක්සත් ජනපදයට ආපසු යන​ විට පිටුවහල් කරන ලද​ පුවතක් වාර්තා වෙනවා.

ඔහු ඇමරිකාවේ වසර 5 කට වඩා අධික කාලයක් රැකියා කරමින් සිටි බව සඳහන්.

ඔහුගේ work වීසා බලපත්‍රය තවමත් මාස 12කට වඩා වලංගු බවත්, එම වීසා බලපත්‍රය ලබාගෙන 20 වතාවක් පමණ කිසිදු ගැටළුවක් නොමැතිව ඔහු එක්සත් ජනපදයෙන් පිටව ගොස් නැවත ඇතුළු වූ බවත් ඔහු පවසනවා.

එක්සත් ජනපද දේශසීමා බලකාය විසින් ඔහුව පැය 30කට අධික කාලයක් ගුවන්තොටුපළේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිට අවසානයේ ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු බව පවසා නැවත ඔස්ට්‍රේලියාවට පිටුවහල් කර ඇත​.
ඕස්ට්‍රේලියාවේ Smartraveller වෙබ් අඩවිය පවසන්නේ එක්සත් ජනපදයට පැමිණෙන අමුත්තන්ට වලංගු වීසා බලපත්‍රයක් තිබීම​ "එක්සත් ජනපදයට ඇතුළුවීම සහතික නොකරන" බවයි.

"ඔබ එක්සත් ජනපදයට ඇතුළුවීමට සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කිරීමේදී එක්සත් ජනපද නීතියට​ අනුව​ බලධාරීන්ට පුළුල් බලතල ඇති අතර ඕනෑම හේතුවක් නිසා ඔබට අවසර නොමැති බව තීරණය කළ හැකිය" එහි තවදුරටත් සඳහන්.

https://www.theguardian.com/us-news/2025/apr/11/australian-with-us-working-visa-detained-insulted-deported

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »