
ඕස්ට්‍රේලියා මිලියන ගණනක් පිරිසක් AI හි අවදානම් සම්පූර්ණයෙන් තේරුම් නොගෙන තාක්ෂණය භාවිතා කරන බවට අනාවරණය වී තිබෙනවා.
google සහ IPSOS විසින් ජනවාරි මාසයේ සිදුකරන ලද සමීක්ෂණයකිනුයි මේ බව හෙළිවී ඇත්තේ.
සියලුම ඕස්ට්‍රේලියානුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් AI භාවිතා කරන බවත්, ඔවුන්ගෙන් 75% ක් එය ඵලදායීව භාවිත කරන බවත් එහිදී හඳුනාගෙන තිබෙනවා.

Workday මානව සම්පත් වේදිකාවේ තවත් සමීක්ෂණයකින් හෙළිවූයේ ඕස්ට්‍රේලියානු සේවකයින්ගෙන් 65% ක් තහවුරු කර ඇත්තේ තම සේවා ස්ථානයට AI හඳුන්වා දී ඇති බවයි.
AI මගින් ඊමේල් වලට ප්‍රතිචාර දැක්වීම වැනි කාර්යයන් වේගවත් කළ හැකි වුවද, එය මිල අධික බවයි වාර්තා වන්නේ.
