
රැකියාවේ ආතතිය නැතිකිරීමට කොකේන් භාවිත කළ දේශාපාලනඥයෙකු පිළිබඳ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
හිටපු රාජ්‍ය ලිබරල් නායකයෙකු වන 40 හැවිරිදි David Speirs පුද්ගලයන් දෙදෙනෙකුට මත්ද්‍රව්‍ය සැපයීමේ චෝදනාව මත පසුගිය මාසයේදී වරද පිළිගෙන තිබුණා.
එහිදී ඔහු පවසා ඇත්තේ තම රැකියාවේ ආතතියට මැඩලීම වෙනුවෙන් මිතුරන් සමග කොකේන් භාවිත කළ බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී හිටපු විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණා.
විත්තියේ නීතීඥවරයා අධිකරණයට පවසා ඇත්තේ 2022 අප්‍රේල් මාසයේදී Speirs විපක්ෂ නායක ධුරයට පත්වූවිට උග්‍ර ආතතියකින් පෙළුණු බවයි.
ඒ හේතුවෙන් කොකේන් භාවිත කරමින් ආතතියට විසඳුම් ලබාගෙන ඇති බව නීතීඥවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

එහිදී රජයේ නඩු පැවරීමේ අධ්‍යක්ෂකවරයා අවධාරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු මහජන විශ්වාසය අවතක්සේරු කර ඇති බවයි.
හිටපු ලිබරල් නායකයා ලබන 24 වනදා යළි වික්ටෝරියා අධිකරණයට කැඳවීමට නියමිතයි