Search

SriLankan Airlines – දකුණු ආසියාවේ විශිෂ්ටතම ආහාර සේවා සපයන්නා සම්මානයට

දකුණු ආසියාවේ විශිෂ්ටතම ආහාර සේවාව සපයන ගුවන් සමාගම ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් පත්ව තිබෙනවා.

පසුගිය අප්‍රේල් 9 වන දින ජර්මන්යේ පැවති 2025 PAX Readership Awards හිදීයි ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගමට මෙම සම්මානය පිරි නැමුවේ.

PAX ඉන්ටර්නැෂනල් සහ PAX Tech සඟරා විසින් පිරිනමනු ලබන PAX පාඨක සම්මාන, ලොව පුරා ගුවන් සේවා වෘත්තිකයන් 15,500 කට අධික සංඛ්‍යාවකගේ මනාපවලින් පමණක් තීරණය වනු ඇති.

ඒ වෙනුවෙන් මනාපය දුන් සැමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාණිජ ප්‍රධානී දිමුතු තෙන්නකෝන් ප්‍රශංසා පළකළා.

මගීන්ට වඩා හොඳ සංග්‍රහයක් වෙනුවෙන් ආයතනය විශාල සැලකිල්ලක් දක්වන අතර නැවුම් අමුද්‍රව්‍යවලින් ආහාර පිරිනැමීමට සහතික වන බවද ඔහු සඳහන් කළා.

විවිධ ආහාර මනාපයන් මත මගීන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට නිතිපතා යාවත්කාලීන කිරීම් සිදුකරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවා වාණිජ ප්‍රධානීවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේ.

2024 IFSA Best Inflight Food or Beverage Innovation Award සම්මානයෙන්ද ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම පසුගියදා සම්මාන හිමිකර ගත්තා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »