
වික්ටෝරියා සමාගමකට නියම වූ දඩ මුදලක් දෙගුණ කිරීමට වික්ටෝරියා අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
2021 වසරේ ෆෝක්ලිෆ්ට් එකකට යටවීමෙන් LH Holding Management සමාගමේ සේවකයෙකු මියගියා.
මිනිස් ඝාතන නීති යටතේ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 1.3 ක් දඩයක් ගෙවන ලෙසයි වික්ටෝරියා අධිකරණය විසින් 2024 වසරේදී නියෝග කර ඇත්තේ.

කෙසේවෙතත් රජයේ නඩු පැවරීමේ අධ්‍යක්ෂකවරයා මෙම දඩුවම අභියෝගයට ලක්කරමින් කියාසිටියේ සමාගමේ නොසැලකිලිමත් බව හේතුවෙන් මෙම දඩ මුදල ප්‍රමාණවත් නොවන බවයි.
වික්ටෝරියානු අභියාචනාධිකරණ විනිසුරුවරුන් අද ඊට එකඟ වී ඇති අතර LH Holding Management සමාගමට ඩොලර් මිලියන 3 ක දඩයක් නියම කරනු ලැබුවා.

මෙම දඩ මුදලෙන් සමාගමේ පැවැත්මට දැඩි බලපෑමක් එල්ලවන නමුත් සමාජයට පණිවිඩයක් ලබාදීම වෙනුවෙන් මෙම තීන්දුව වැදගත් වන බවයි විනිසුරුවරයා එහිදී පවසා ඇත්තේ.