
ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන් හි පොදු ප්‍රවාහන ගාස්තු නොගෙවන්නන් පිළිබඳ සංඛ්‍යා ලේඛන වාර්තාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ලෝකයේ තුන්වන වඩාත් මිල අධිකම පොදු ප්‍රවාහන පද්ධතිය ඇති රට ලෙසයි ඔස්ට්‍රේලියාව සැලකෙන්නේ.
වික්ටෝරියා වේ මගීන්ගෙන් සියයට 4 ක් පමණ ප්‍රවාහන ගාස්තු නොගෙවන බවයි වාර්තා වන්නේ.

ඒ වෙනුවෙන් වික්ටෝරියාවට ඩොලර් මිලියන 28 ක පාඩුවක් සිදුවනු ඇති.
නිව් සවුත්වේල්ස් ඔස්ට්‍රේලියාවේ ගාස්තු පැහැර හැරීම් බහුලම ප්‍රාන්තය වන අතර එය ඇස්තමේන්තු කර ඇත්තේ සියයට 8 ක් ලෙසයි.

එහි පාඩුව ඩොලර් මිලියන 127 ක්.
ක්වින්ස්ලන්ඩ් හි සෑම වසරකම ගාස්තු පැහැර හැරීම හේතුවෙන් ඩොලර් මිලියන 37 ක් අහිමි වන බව වාර්තාවල සඳහන්.
කැන්බරා හි 3 % ක් දකුණු සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන් හි ගාස්තු පැහැර හරින්නන් 1% ක් බව වාර්තා වනවා.
උතුරු ඔස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවය නොමිලේ ලබාදීම විශේෂත්වයක්.
ගාස්තු පැහැර හැරීම් හේතුවෙන් ඔස්ට්‍රේලියා දේශීය ආර්ථිකයට සිදුවන බලපෑම අඩු කිරීම සඳහා ගාස්තු අඩු කරන ලෙසයි Griffith විශ්ව විද්‍යාල ප්‍රවාහන විශේෂඥවරයෙකු කියාසිටියේ.