
ඇමරිකාවට පනවා තිබූ තීරු බද්ද තවත් වැඩි කිරීමට චීනය තීරණය කර තිබෙනවා.
ඇමරිකාව විසින් චීනයට එරෙහිව 145% ක අති විශාල බද්දට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය සිදුකර ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.
ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු බද්ද අද 125% දක්වා ඉහළ නංවා තිබෙනවා.

අමෙරිකානු ආනයන සඳහා චීනය මීට පෙර 84% ක තීරු බද්දක් පනවා තිබුණා.