Search

රනිල් වික්‍රමසිංහට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහි පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීම වෙනුවෙන්.

චාමර සම්පත් දසනායක 2016 වසරේ දී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කල්පිරීමට පෙර ඉවත්කර ගැනීමට කටයුතු කිරීමෙන් දුෂණයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඔහුට එරෙහිව යොමුකරන ලද පැමිණිල්ලක් මත මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතිනවා.

ඊට අදාළව ඊයේ (10) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ විසින් සිදුකර තිබෙනවා.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ තොරතුරු රනිල් වික්‍රමසිංහ දන්නා බවත් විමර්ශනයට අදාළ සිද්ධියට ඔහු යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවයි කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශ තහවුරු කරගැනීමට අදාළ ලේඛන සමඟ අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.

දුම්පානයෙන් මිදෙන්න සූදනම් පිරිසක්

ස්පිනිෆෙක්ස් මිනිසා දශකයක් තිස්සේ පර්ත් සිට කිලෝමීටර් 1,300 ක් නැගෙනහිරින් පිහිටි ටියුන්ට්ජුන්ට්ජාරා හි දුරස්ථ ප්‍රජාවේ සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇත.

Read More »

අවසන් ගමනේදී පාප් වහන්සේ කියා දුන් – අනුකම්පාවේ පණිවිඩය

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා ඇත.

Read More »