Search

ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ යයි

ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් මෙතරම් අගයකට ඉහළගිය පළමු අවස්ථාව මෙය බවයි සැලකෙන්නේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය හා අමෙරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇති බවයි.

රන් සංචිතවලට මුල්තැන දෙමින් ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරායොමුවීම ඊට හේතුව බවද සඳහන්.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලට සමගාමීව ශ්‍රී ලංකාවේ රන් මිලෙහිද කැපී පෙනෙන වැඩිවීමක් සිදුව තිබෙනවා.

කොළඹ රන් වෙළෙඳපොළ අද (11) ප්‍රකාශයට පත්කළ රන් මිල අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 235,500ක් ලෙස සටහන් වී ඇත්තේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක් රුපියල් 256, 000ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »