
මව ඝාතනය කිරීමේ චෝදනාව මත 17 හැවිරිදි තරණයෙකුට වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 15 ක සිරදඬුවමක් නියම කිරීමට නියමිතයි.
2023 වසරේදී සිය 41 හැවිරිදි මව මෙම තරුණයා විසින් ක්‍රිකට් පිත්තකින් පහරදී කිහිප වතාවක් උල්ආයුධයකින් ඇන මරා දමා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව චූදිතයාට වසර 10 ක පැරල් නොවන සිර දඩුවමක් ඇතුළුව වසර 15 ක දඩුවමක් වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජේම්ස් එලියට් විසින් ලබාදීමට අපේක්ෂා කරනවා.

සිය මව ඝාතනය කර ඇති බව තරුණයාගේ කුඩා සහෝදරයා දැකීමෙන් අනතුරුව ඔහු විසින් සිද්ධිය පිළිබඳ ප්‍රාදේශීය පොලිස් ස්ථානයකට පැමිණිලි කර තිබුණා.
පොලීසිය පවසන්නේ කාන්තාවගේ ශරීරයේ පිහි ඇණුම් 98 ක් තිබුණු බවට පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.

චෝදනාවට ලක්වූ තරුණයා අධිකරණය ඉදිරියේ පවසා ඇත්තේ සිය මව ඝාතනය කිරීමට සංකීර්ණ හේතු කිහිපයක් බලපෑ බවයි.
වික්ටෝරියා විනිසුරුවරයා සඳහන් කළේ එම තරුණයා ඔටිසම් රෝගයෙන් පෙළනෙ බවත් ඔහු සිය මව ඝාතනය සම්බන්ධයෙන් පසුතැවෙන බවයි.
කෙසේවෙතත් විනිසුරුවරයා සිය අපේක්ෂිත තීරණය ප්‍රකාශ කළද එය නිළ වශයෙන් සම්මත නොකර නඩුව ලබන සතියට කල්දමා තිබෙනවා.