
ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ඔස්ට්‍රේලියානු ඩොලරය ඊයේ වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචනය සඳහන්කළේ ඩොලරය ඊයේ 3.3% කින් ඉහළ ගිය අතර එය 2007-8 වසරෙන් පසු එක් දිනකදී වාර්තා වූ විශාලතම අගය බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් රැසකට පැනවූ බද්දට දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීම මීට හේතුව බවයි ආර්ථික විශේලේෂකයින් පවසන්නේ.

කෙසේවෙතත් චීනය මත පැනවූ සමස්ත තීරුබද්ද 145% ක් බව ධවල මන්දිර වාර්තා පවසනවා.
ඔස්ට්‍රේලියානු ඩොලරය එක් රැයකින් එක්සත් ජනපද 61.75c දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ට්‍රම්ප්ගේ තීරු බද්ද සම්බන්ධයෙන් රටවල් 75 කට වැඩි සංඛ්‍යාවක් වෙළඳ සාකච්ඡා සඳහා එක්සත් ජනපදය වෙත ළඟාවෙමින් සිටින බවයි ඇමරිකා වාර්තා පවසන්නේ.