
ප්‍රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු IVF සායනයක සිදු වූ ප්‍රධාන වැරැද්දකින් පසු කාන්තාවක් නොදැනුවත්වම තවත් යුවළකගේ දරුවෙකු බිහි කරතිබෙනවා.
මෙය මොනෑෂ් IVF හි බ්‍රිස්බේන් සායනයේදී සිදු වී ඇතිබවටයි වාර්තාවන්නේ .
එහිදී වැරදි කළලය අහම්බෙන් මාරු කරන ලද්දේ සමාගම human error ලෙස විස්තර කළ දෙය නිසා බවට සදහන් .

පෙබරවාරි මාසයේදී උපත ලැබූ ළමයෙකුගේ දෙමාපියන් ඔවුන්ගේ ඉතිරි ශීත කළ කළල වෙනත් සැපයුම්කරුවෙකුට මාරු කරන ලෙස ඉල්ලා සිටි විට මෙය අනාවරණය වූ බවටයි සදහන් වන්නේ .
මෙම ක්‍රියාවලිය අතරතුර, මොනෑෂ් IVF ගබඩාවේ අමතර කළලයක් සොයා ගත් අතර එය අභ්‍යන්තර පරීක්ෂණයකට හේතු වී තිබෙනවා.

වෙනත් රෝගියෙකුගේ කළලයක් වැරදීමකින් දියවී ගොස් දෙමාපියන්ට මාරු කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජීව විද්‍යාත්මකව ඔවුන්ගේ නොවන දරුවෙකු උපත ලබා ඇති බවයි පරීක්ෂණයෙන් හෙළි වු ඇත්තේ.
වැරැද්ද තිබියදීත්, සියලුම ආරක්ෂක ප්‍රොටෝකෝල අනුගමනය කර ඇති බවට සායනය අවධාරනය කරනවා.
මොනෑෂ් IVF හි ප්‍රධාන විධායක නිලධාරී මයිකල් ක්නාප් සමාව අයැද සිටි අතර සායනය සම්බන්ධ පවුල් දෙකටම සහාය දක්වන බවටයි පවසා ඇත්තේ.