
Australia Post මූලික තැපැල් ගාස්තු වැඩි කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරනවා.
ඔස්ට්‍රේලියානු ජාතික තැපැල් සේවය වන Australia Post එහි සාමාන්‍ය ලිපි සේවාවන් සඳහා මිල වැඩි කිරීමක් යෝජනා කළ අතර, මූලික තැපැල් ගාස්තුව ඩොලර් 1.50 සිට ඩොලර් 1.70 දක්වා වැඩි කිරීම ද ඊට ඇතුළත්.
යෝජිත වැඩිවීම ඉදිරියට ගියහොත්, සාමාන්‍ය නිවසකට මුද්දර පහක් හෝ හයක් මිලදී ගැනීම සඳහා වාර්ෂිකව අමතර ඩොලර් 1.20 ක් වැය වනු ඇතැයි Australia Post පුරෝකථනය කරනවා.

පසුගිය වසරේ ජූලි මාසයේ සිට Australia Post හි ලිපි පරිමාව සියයට 10.6 කින් පහත වැටී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් මිලියන 83.7 ක පාඩුවක් සිදුවී ඇති අතර එය පසුගිය වසර සමඟ සැසඳීමේදී විශාල ලෙස පහත වැටීමක්.
Australia Post තම සේවා සැපයීම දිගටම කරගෙන යාම සඳහා තම පාඩු වලින් කොටසක් පියවා ගැනීමට බලාපොරොත්තු වන නමුත් අවදානමට ලක්විය හැකි ඕස්ට්‍රේලියානුවන් සඳහා ජීවන වියදම් අභියෝග පිළිගෙන තිබෙනවා.

Australia Post මේ පිළිබඳ විධිමත් අයදුම්පතක් ඕස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම (ACCC) වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර ඕනෑම මිල වෙනස්කමක් බලාත්මක වීමට දින 30 කට පෙර දැනුම් දෙනු ඇති.