
ගෝලීය වෙළඳාම ඉහළ නැංවීමේ අරමුණින් චීනය ඔස්ට්‍රේලියාව සමග එක්වීමට සූදානම් වනවා.
ට්‍රම්ප් චීන ආනයනය තීරු බද්ද 125% ක් දක්වා ඉහළ නැංවීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.
සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත සඳහන් කරන්නේ ඔස්ට්‍රේලියාව සමග අත්වැල් බැඳ ගැනීමට චීන රජය එක රැයකින් ඉදිරිපත් වූ බවයි.

ඔස්ට්‍රේලියා චීන තානාපති Xiao Qian ඉල්ලා සිටින්නේ ගෝලීය නිදහස් වෙළදාම ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් බීජි සහ කැන්බරා එක්ව වැඩ කළ යුතු බවයි.
පවතින ගෝලීය තත්වයට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීම සඳහා ඔස්ට්‍රේලියාව සහ ජාත්‍යන්තර ප්‍රජාව සමග අත්වැල් බැඳ ගැනීමට චීනය සූදානම් බවයි ඔහු ප්‍රකාශකර සිටියේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම මාස 3 කාලයක් සඳහා ඊයේ අත්හිට වනු ලැබුවා.