
මිහිමතින් වඳවී ගිය සතෙකුට පණදුන් ඉතිහාසගත වන පර්යේෂණයක් සාර්ථකව සිදුකිරීමට එක්සත් ජනපද විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.
වසර 13,000කට පෙර ලෝකයෙන් සඳහටම වඳවී ගිය Dire wolf නම් වෘක විශේෂයකට ජීවය දීමටයි එම විද්‍යාඥයින් පිරිසකට හැකිවී ඇත්තේ.
එක්සත් ජනපදය මූලික කරගත් Colossal’s Dallas රසායනාගාරයේදීයි මෙම සාර්ථක පර්යේෂණය සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අලු වෘක ධේනුවකගේ ඩිම්බ සෛලවල DNA අඩංගු න්‍යෂ්ටි කොටස ඉවත් කර වඳවී ගිය ‘Dire wolf’ වෘකයන්ගේ ෆොසිලයකින් ඔවුන්ගේ ජානමය ව්‍යුහයට අනුව එය යළි නිර්මාණය කිරීමට විද්‍යාඥයන් සමත් වී ඇති බවයි.
‘ඩයර් වුල්ෆ්’ වෘකයන්ගේ ජානමය ව්‍යුහයට අනුව සකස් කළ එම බීජාණු, සුරතල් බැල්ලකගේ ගර්භාෂයේ තැන්පත් කර පසුව පැටවුන් ලබා ගැනීම සිදු කරනු ඇති.

ඒ අනුව සුදු පැහැති ‘ඩයර් වුල්ෆ්’ වෘක පැටවුන් තිදෙනෙකුට පණ දීමට විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.
එම පැටවුන් කලේසි , රොමියුලස් සහ රීමස් යනුවෙන් නම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පළකරනවා.