
බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් Legionnaires රෝගයෙන් පෙළෙන පුද්ගලයින් හය දෙනෙකු සිඩ්නි නගරයෙන් වාර්තා වනවා.
ආසාදිත පුද්ගලයින් හය දෙනාම පසුගිය සති තුන තුළ නගර මධ්‍යයේ කාලය ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාවට අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ හුස්ම හිරවීම Legionnaires රෝගයේ මූලික ලක්ෂණ වනවා.
එහෙත් දූෂිත ජල අංශු වලට නිරාවරණය වීමෙන් රෝගය තවත් උත්සන්න විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

මහජන සෞඛ්‍ය වෛද්‍යවරියක් ප්‍රකාශකළේ වැඩිහිටි පුද්ගලයින්, අයහපත් සෞඛ්‍ය තත්වයක් ඇති අය මෙන්ම දුම්පානය කරන්නන් ද අවදානයෙන් පසුවන ලෙසයි.