Search

වික්ටෝරියා අගමැති ජසින්ටාගේ ජනප්‍රියතාව අඩුවෙලා

වික්ටෝරියානු අගමැති ජසින්ටා ඇලන්ගේ ජනප්‍රියත්වය ප්‍රාන්තය තුළ පහත වැටී ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

Redbridge මගින් සිදුකළ ජනමත සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ ජසින්ටා ඇලන්ගේ ශුද්ධ satisfaction අනුපාතය සෘණ 35 ක අගයක් ගෙන ඇති බවයි.

එය දේශපාලන නායකයෙකු ලබාගත් අවම අගය බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඊයේ නව මෙට්‍රො රෝ උමං දුම්රිය ස්ථානයකට ගිය ඇලන් එහිදී අවධාරණය කර ඇත්තේ සිය සහෝදර පක්ෂ සාමාජිකයින්ගේ සහය තමන්ට පවතින බවයි.
ඩැනියෙල් ඇන්ඩෲස් 2023 වසරේ සැප්තැම්බර් මාසයේ ඉල්ලා අස්වූ දා සිට ලේබර් හි ජනප්‍රියත්වය විශාල ලෙස පහත වැටෙමින් පවතිනවා.

Redbridge සමීක්ෂණයෙන් පෙනීයන්නේ පළමු මනාප ඡන්ද සඳහා වික්ටෝරියානුවන්ගෙන් සියයට 41 ක සහය සන්ධානයටත් ලේබර් පක්ෂයට ඇති සහය සියයට 29 ක් දක්වා පහත වැටී ඇති බවයි.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »