
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද ඇපමත මුදාහැරීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට අද නියෝග කළා.
2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව ඔහු පසුගියදා අත්අඩංගුවට ගැණුනා.
ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ ඔහු අවසන් වරට මේ මස ඉකුත් 3වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කළා.

ඒ අනුව තෙන්නකෝන් අද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබෙනවා.