
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ ඔස්ට්‍රේලියානු ඩොලරයේ විකුණුම් මිල රු 188.44 ක් හා ගැණුම් මිල රු. 178.96 ක් ලෙස සටහන්ව තිබෙනවා.
ඊයේ දිනයට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 4.10 ක වැඩිවීමක් දක්නට ලැබෙනවා.
මේ අතර එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල අද සටහන් වූයේ රු. 294.13ක් හා විකුණුම් මිල රු. 303.2ක් ලෙසයි.

ඒ අනුව 2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රු. 300 සීමාව ඉක්මවා ගිය පළමු දිනය අද වනු ඇති.
යූරෝවක ගැණුම් මිල සටහන් වන්නේ රු. 320.78 ක් ලෙස වන අතර රු. 334.63 ක් ලෙස විකුණුම් මිල වාර්තා වී තිබුණා.
