Search

ඔස්ට්‍රේලියා ප්‍රසිද්ධ වෙළදසැල් විවෘතවන වෙලාව ගැන දැනුම්දීමක්

පාස්කු නිවාඩුව හේතුවෙන් රට පුරා ඇති ප්‍රධාන වෙළඳසැල් ක්‍රියාත්මක වන වේලාවන් පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන වෙළඳසැල් වන Woolworths, Coles, Aldi, Bunnings and Big W ඒ අතර වනවා.

ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියාව සහ උතුරු ප්‍රදේශ හැරුණුවිය සියලුම වූල්වර්ත්ස් වෙළඳසැල් රට පුරා විවෘතව තැබෙනු ඇති.

කෝල්ස් දකුණු ඔස්ට්‍රේලියාවේ බොහෝ වෙළඳසැල් වසා දැමෙන අතර සෙසු ප්‍රදේශ සඳහා සියලුම වෙළඳසැල් විවෘතව තැබෙන අතර එය අඩු කාලයක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

රට පුරා සියලුම ඇල්ඩි වෙළඳසැල් විවෘතව තැබෙන අතර දකුණු ඔස්ට්‍රේලියාව හැරුණු විට ඇතැම් වෙළඳසැල් තවමත් වසා දැමෙනු ඇති.

සියලුම Kmart වෙළඳසැල් දකුණු ඔස්ට්‍රේලියාවේ හැර බොහෝ ප්‍රාන්තවල සහ ප්‍රදේශ පුරා විවෘතව පවතින බවයි වාර්තා වන්නේ.

රට පුරා ඇති බිග් ඩබ්ලිව් වෙළඳසැල් විවෘතව පවතින අතර දකුණු ඔස්ට්‍රේලියාවේ බොහෝ වෙළඳසැල් වසා දැමෙනවා.

සියලුම Bunnings වෙළඳසැල් විවෘත පවතින අතර බොහෝ IGA වෙළඳසැල් රට පුරා විවෘතව පැවතිය ද අඩු කාලයක් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.