Search

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයක සිසුන්ගේ පෞද්ගලික තොරතරු ලීක් වෙයි

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයක සිසුන්ගේ පෞද්ගලික තොරතුරුවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් ප්‍රවේශයක් සඳහා සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සිසුන් දස දහසකගේ පමණ පෞද්ගලික තොරතුරු පිටතට ගොස් ඇති බව බටහිර සිඩ්නි විශ්ව විද්‍යාල බලධාරීන් ප්‍රකාශ කළා.

වත්මන් හා හිටපු සිසුන්ගේ දත්ත වලට අනවසර ප්‍රවේශයක් සිදුව ඇති බව පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසවල පෙන්නුම් කළ බව විශ්ව විද්‍යාලය පවසනවා.

බලපෑමට ලක්වූ ශිෂ්‍යයින්ට ඒ පිළිබඳව දැනුම්දෙමින් පවතින අතර අනුගමනය කළ යුතු ආරක්ෂක පියවරයන් දැනුවත් කරන බවයි බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලය කියාසිටියේ.

නිව් සවුත්වේල්ස් සයිබර් පොලිස් අපරාධ බලකාය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »