Search

Virgin Australia මගීන් 61,000 කට ආපසු ගෙවීම් සිදුකරයි

වර්ජින් ඔස්ට්‍රේලියා පසුගිය වසර 5 තුළ ගුවන් මගීන් 61,000 කට    ආපසු ගෙවීම් සිදුකර ඇතැයි හෙළිවී තිබෙනවා.

ගුවන් මාර්ගය වෙනස් කිරීම් සඳහා අධික ගාස්තු අය කිරීමකින් අනතුරුව මෙම ගෙවීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් සමාගම පැවසුවේ පාරිභෝගික ගමන් මාර්ගවල සිදුකරන ලද වෙනස්කම්වලින් පසු ප්‍රවේශ පත්‍ර මිලකරණ පද්ධතිවල දෝෂයක් නිරීක්ෂණය වූ බවයි.

මෙම දෝෂ සිදුවී ඇත්තේ 2020 අප්‍රේල් මස 21 වනදා සිට 2025 මාර්තු 31 දක්වා කාලය තුලයි.

ඒ අනුව මෙම කාලය තුළ සිදුකරන ලද වෙන්කිරීම්වලින් සියයට 0.1 ක මගීන් ප්‍රමාණයකට මෙය බලපා ඇති බව වර්ජින් ඔස්ට්‍රේලියා සමාගම් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

බලපෑමට ලක්වූ ගණුදෙණුකරුවන් ගුවන් සමාගම විසින් සම්බන්ධ කර ගනු ලබන අතර ඩොලර් 55 ක මුදලක් ආපසු ගෙවනු ලබනවා.

දුම්පානයෙන් මිදෙන්න සූදනම් පිරිසක්

ස්පිනිෆෙක්ස් මිනිසා දශකයක් තිස්සේ පර්ත් සිට කිලෝමීටර් 1,300 ක් නැගෙනහිරින් පිහිටි ටියුන්ට්ජුන්ට්ජාරා හි දුරස්ථ ප්‍රජාවේ සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇත.

Read More »

අවසන් ගමනේදී පාප් වහන්සේ කියා දුන් – අනුකම්පාවේ පණිවිඩය

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා ඇත.

Read More »