
ඔස්ට්‍රේලියා ගුවන් තොටුපළක් ලොව හොඳම ගුවන් තොටුපළ 25 අතරට තේරීපත්ව තිබෙනවා.
ගුවන් ප්‍රවාහන ශ්‍රේණිගත කිරීමේ සංවිධානයක් වන Skytrax විසිනුයි මෙම ලැයිස්තුව නම් කර ඇත්තේ.
ලැයිස්තුවට අනුව මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ 16 වන ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

එහි ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ ආසියානු ගුවන් සමාගමක් වන සිංගප්පූරුවේ Changi ගුවන් තොටුපළටයි.
ලොව පුරා ගුවන් තොටුපළවල් 565 ක පාරිභෝගික සමීක්ෂණයකින් පසු ලොව දෙවන හොඳම ගුවන් තොටුපළ වන්නේ කටාර් රාජ්‍යයේ Hamad ජාත්‍යන්තර ගුවන් තොටුපළයි.

තුන් වන ස්ථානය ලෝකයේ පිරිසිදුම ගුවන් තොටුපළ ලෙස නම් කෙරුණු ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළට හිමිවුණා.
ලොව හොඳම ගුවන් තොටුපළ කාර්යමණ්ඩලය සිටින දකුණු කොරියාවේ Incheon ජාත්‍යන්තර ගුවන් තොටුපළ 4 වන ස්ථානයටත් 5 වන ස්ථානයට ජපානයේ ඇති තවත් ගුවන් තොටුපළක් වන Narita ගුවන් තොටුපළටත් තේරීපත්ව තිබීම විශේෂත්වයක්.