Search

ට්‍රම්ප් පැනවූ තීරුබද්ද නැවත අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව ඇතුළුව රටවල් රැසක ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම මාස 3 කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

ට්‍රම්ප්ට එරෙහිව රට තුළ පැනනැගුණු දේශපාලන විවේචන මෙම තීරණයට හේතුවන්නට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර සිටියේ “ MY POLICIES WILL NEVER CHANGE.” මගේ ප්‍රතිපත්ති කිසිවිටෙකත් වෙනස් නොවන බවයි.

කෙසේ නමුත් චීනයට එරෙහි තීරු බද්ද තවත් ඉහළ නංවා තිබෙනවා.

ඒ ඊයේ චීනයට 104% පැන වූ බද්ද 125% දක්වා වැඩි කරමින්.

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි චීන ආනයන සඳහා අමෙරිකාව 104%ක තීරු බද්දක් පැනවුවා.

ඊට ප්‍රතිචාර ලෙස චීන මුදල් අමාත්‍යාංශය ඊයේ පස්වරුවේ නිවේදනය කළේ අමෙරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බවයි.

ඒ අනුව චීනයේ එම තීරණයට පිළිතුරු ලෙස අමෙරිකාව යළිත් වරක් මෙලෙස තීරු බදු ප්‍රතිශතය ඉහළ දමා ඇති බවයි ධවල මන්දිර වාර්තා පවසන්නේ.

 

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »