
රෝවන් ද සිල්වා වයස අවුරුදු 12 දී සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස හඳුනා ගත් අතර, ඇගේ 13 වන උපන්දිනයෙන් ටික කලකට පසු ඇඩිලේඩ් කාන්තා හා ළමා රෝහලේ ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන සත්කාර සඳහා ප්‍රවේශ වීමට පටන් ගත්තා.
ඇඩිලේඩ් හි කාන්තා හා ළමා රෝහලේ ඇගේ අත්දැකීම් බොහෝ දුරට ධනාත්මක වුවද, වෛද්‍ය හමුවීම් සඳහා වේලාවන් වෙන් කරවා ගැනීමට දිගු කාලයක් බලා සිටීමට ඇයට සිදු වුණා.
ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන සත්කාර සඳහා රැඳී සිටීමේ කාලය නිසා කලකිරීමට පත් වූ එකම පුද්ගලයා රෝවන් නොවේ. ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කරන දරුවන්ගේ දෙමාපියන්ගේ සහායක කණ්ඩායමට අනුව, ස්ත්‍රී පුරුෂ භාවය විවිධත්ව සේවාවට ප්‍රවේශ වන බොහෝ දකුණු ඕස්ට්‍රේලියානු පවුල් මනෝචිකිත්සක (psychiatrist) තක්සේරු කිරීම් සඳහා දිගු කාලයක් බලා සිටීමට සිදු වෙනවා. "මානසික සෞඛ්‍යය සඳහා මනෝචිකිත්සකයින්ගේ සංඛ්‍යාව අපට සීමිතයි," දකුණු ඕස්ට්‍රේලියානු නියෝජිත ජේන් රුසෝ අදහස් දැක්වූවා. SA Health පවසන්නේ මානසික සෞඛ්‍ය වෛද්‍යවරයෙකු හමුවීමට මාස 3 සිට 4 දක්වා කාලයක් ගත වන අතර මනෝචිකිත්සකයෙකු හමුවීමට මාස 12 සිට 15 දක්වා කාලයක් ගත වන බවයි. Source: 'Clock ticking down' for SA trans youth waiting for psychiatric assessments - ABC News