Search

සංක්‍රමණිකයින් අඩු කිරීම මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් වෙයි

2025 ෆෙඩරල් මැතිවරණයේ විවාදයන් මගින් සංක්‍රමණිකයන් පිළිබඳ මිත්‍යා හා වැරදි තොරතුරු සමාජයට ගෙන යන බව  ඔස්ට්‍රේලියා මානව සංක්‍රමණ විශේෂඥයෙකු පවසනවා.

සංක්‍රමණ ගැටළුව ෆෙඩරල් මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් වී ඇති බවයි ඔස්ට්‍රේලියානු මානව සංක්‍රමණ විශේෂඥ මහාචාර්ය ඇලන් ගැම්ලෙන් කියාසිටියේ.

ප්‍රධාන පක්ෂ දෙකම මැතිවරණ ව්‍යාපාරයට පිවිසෙන්නේ ඔවුන් සංක්‍රමණය අඩුකරන බව පවසමින්.

මහාචාර්යවරිය පෙන්වාදෙන්නේ බොහෝ සංක්‍රමණිකයින් විදෙස් රටවලට ගමන් කරනුයේ ආර්ථික හේතූන් මත පමණක් පදනම්ව නොවන බවයි.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් වැනි තාවකාලික සංක්‍රමණ හා තාවකාලික වීසා හිමියන් රට තුළ ඉහළ මට්ටමක පවතිනවා.

ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය සහ එක්සත් ජනපදය වැනි රටවල් එක්සත් ජාතීන්ගේ පිළිගත් නැවත පදිංචි කිරීමේ වැඩසටහන් මේ වනවිටත් අනුගමනය කරමින් සිටින බවයි  ඔස්ට්‍රේලියානු මානව සංක්‍රමණ විශේෂඥවරිය වැඩිදුරටත් කියාසිටියේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »