Search

ලේඩි ගාගා වසර 11 කට පසු ඕස්ට්‍රේලියාවට

ලේඩි ගාගාගේ MAYHEM Ball ලෝක සංචාරයේ ඕස්ට්‍රේලියා සංදර්ශන මාලව අද නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව  මෙම සංදර්ශන Melbourne’s Marvel ක්‍රීඩාංගනයේ ලබන දෙසැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිතයි.

දෙසැම්බර් 9 වනදා Brisbane’s Suncorp Stadium සහ දෙසැම්බර් 12 වනදා Sydney’s Accor Stadium හි පැවැත්වෙනු ඇති.

2014 ලෝක සංචාරයෙන් වසර 11 කට පසු ලේඩි ගාගා ඕස්ට්‍රේලියාවේ පවත්වන පළමු සංදර්ශනය සහ පළමු stadium shows එක මෙල්බර්න්හිදී පැවැත්වීමට නියමිතයි.

අප්‍රේල් 17 වන දින සිට ටිකට්පත් අලෙවිය ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

MAYHEM Ball සංචාරය අප්‍රේල් 26 වන දින මෙක්සිකෝ නගරයේ ආරම්භ වූ අතර සිංගප්පූරුව, උතුරු ඇමරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපය හරහා ඕස්ට්‍රේලියාවට පැමිණෙනු ඇති.

දැවැන්ත විනෝදාස්වාද සමාගමක් වන Live Nation විසිනුයි මෙම ලෝක සංචාරය සංවිධානය කර ඇත්තේ.